සහරාන් හෂීම් යටතේ පාස්කු ප්රහාරයට සම්බන්ධ වූ කණ්ඩායමේ කාන්තා අංශයට අයත් විසිහය දෙනකු ආගම වෙනුවෙන් මියදෙන්නට පුහුණුව ලබා ඇතැයි විමර්ශනවලදී හෙළි වී ඇත.
එයින් කාන්තාවන් 17ක් මරාගෙන මැරෙන ප්රහාරය සඳහා ප්රතිඥා දී (බයියත්) ඇතැයිද මීට පෙර හෙළි විය.
මෙම කාන්තා අංශයේ විසිහය දෙනාගෙන් ඇතැමුන් සහරාන්ගේ දේශන එකකට, දෙකකට සහභාගි වූවන්ය. ඇතැම් කාන්තාවන් දේශන පහට ම එක් වී ඇත. මින් ඇතැමුන් විවාහ වී ඇති නිසා අන්තවාදී අදහස් අත්හැර ඇතැයි ද විමර්ශනවලදී හෙළි වී තිබේ.
මරාගෙන මැරෙන ප්රතිඥාව දුන් දාහත් දෙනාගෙන් පහක් මියගොස් දස දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් දෙදෙනකු සොයා තවදුරටත් විමර්ශන ක්රියාත්මකයි.
කාන්තා අංශයට සම්බන්ධ ඉතිරි නවදෙනාත් සොයා විමර්ශන අරඹා තිබේ.