සලේට පරිගණකය සහ දුරකතනය රැකගන්න අයිතියක් තියෙනවා…! – උදය ගම්මන්පිල…

June 18, 2026 at 6:41 pm | by emanisa.lk

හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී සුරේෂ් සලේට සිය නිර්දෝෂිභාවය සනාථ කළ හැක්කේ සිය ජංගම දුරකතනයේ සහ ලැප්ටොප් පරිගණකයේ ඇති සාක්ෂිවලින් නම් ඒවා සුරක්ෂිත කරගැනීමට ඔහුට අයිතියක් බව හිටපු අමාත්‍ය පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

“සලේ මැතිතුමාට තමන්ගේ නිර්දෝෂීභාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය කරන සාක්ෂි ඔහුගේ ජංගම දුරක;නයේ සහ පරිගණකයේ සුරක්ෂිත කරලා අරන් තියලා තියෙනවා වෙන්න පුළුවන්.

ඔය ඒ සාක්ෂි රැකගන්නවාය කියන්නේ ඔහුගේ ජීවිතය රැකගන්නවා කියන එකයි. ඔහුව මහ මොලකරු කිරීමට ආණ්ඩුව දරන කුමන්ත්‍රණය පරාජය කළ හැක්කේ මේක තුළ තිබෙන සාක්ෂිවලින් විතරක් නම්, ඒවා සුරක්ෂිත කරගැනීම ඔහුගේ ජීවිතය රැකගැනීම හා සමාන අයිතියක්.”

ඔහු මේ බව සඳහන් කළේ අද (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *