CID කූඩුවේ මේජර් ජනරල් සලේ ගිලන් වෙයි…. අවසන් කැමැති පත ලියන්න නීතිඥයා කැඳවයි…!

June 7, 2026 at 4:23 pm | by emanisa.lk

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ නීති උපදේශක අසිත් සිරිවර්ධන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

නීතිඥවරයා අදාළ ලිපිය මගින් සඳහන් කර ඇත්තේ සුරේෂ් සලේ මහතා ශාරිරික සහ මානසික තත්ත්වය බරපතළ ලෙස පිරිහී ඇති බැවින් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා රෝහලකට ඇතුළත් කිරීම අවශ්‍ය වන බවය.

සුරේෂ් සලේ මහතාට සුදුසුකම් ලත් ස්වාධීන වෛද්‍ය වෘත්තිකයින් විසින් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු බවත් සම්පූර්ණ පරීක්ෂාවක් සහ ප්‍රතිකාර ලබා දිය හැකි සුදුසු රෝහලකට හදිසි මාරුවක් අවශ්‍ය බවද නීතිඥවරයා අදාළ ලිපිය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත දන්වා තිබේ.

එමෙන්ම සුරේෂ් සලේ මහතා විසින් තම අවසන් කැමති පත්‍රය සහ ඊට අදාළ නිතිමය ලේඛන සකස් කිරීම සඳහා තම නීතිඥවරයා හමුවීමට අවස්ථාව ලබා දෙන ලෙසත් ඉල්ලා ඇති බවද අදාළ ලිපියේ සඳහන් වේ.

සුරේෂ් සලේ මහතාගේ මෙම ප්‍රකාශ සහ තත්ත්වයන් ඔහුගේ ශාරීරික හා මානසික තත්ත්වය බරපතළ ලෙස පිරීහි ඇති බව පැහැදිළිව පෙන්වන බවත් ඔහුගේ යහපැවැත්ම, සෞඛ්‍ය සහ ජීවිතය සම්බන්ධයෙන් තාර්කික තීරණ ගැනීමට ඔහුට තවදුරටත් හැකියාවක් නොමැති බව පෙන්වා දෙන නීතිඥවරයා දැනට ඔහු රඳවා තබා ගෙන සිටින තත්ත්වයන් අවම වශයෙන් හෝ ඔහුගේ ජිවිතයට බරපතළ සහ ක්ෂණික අවධානමක් නිර්මාණය කරන බවද පෙන්වා දී තිබේ.

මේ හේතුවෙන් ප්‍රධාන කරුණු කිහිපයක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ඉල්ලීමක් යවමින් නීතිඥවරයා සඳහන් කර ඇත්තේ මෙම කරුණු පිළිබඳව සලකා බලා ක්‍රියාමාර්ග නොගන්නේ නම් සිය සේවාදාකයාට සිදුවන හානි සම්බන්ධයෙන් අනාගතයේදී ගොනු කළ හැකි අධිකරණ, අපරාධ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය හෝ ජාත්‍යන්තර නඩු කටයුතුවලදී පදනමක් ලෙස භාවිත කරන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස