සමගි ජන බලවේගය ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට කැබිනට් ඇමති ධුර හිමිවුණු ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කරන ලද ආරාධනය පිළිගනිමින් ඔවුන් මෙසේ කැබිනට් මණ්ඩලයට එකතු වීමට නියමිතව තිබේ. මෙම පිරිස එකිත් ඉකුත් යහපාලන ආණ්ඩුවේ ද ප්‍රබල ඇමති ධුර දැරූ අයයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවට සර්වපාක්ෂික එකඟතාවක් සහිත ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට මේ වන විට රජයේ සූදානම් වෙමින් ඇත.
ඒ අනුව පක්ෂ ලෙස නොව තනි තනි මන්ත්‍රීවරුන් ලෙස පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්ව ඇමතිකම් ලබා ගැනීමට නියමිතය. ඉදිරි දින කිහිපය ඇතුළත නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට සූදානම් කර ඇත.
මේ අතර පාඨලී චම්පික රණවක සහ රාජිත සේනාරත්න ආණ්ඩුවට එකතු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එරෙහි වී ඇති බවට ද පුවතක් පැතිර යයි.