සර්වපාක්ෂික ආණ්ඩුවේ ඇමැති ධූර බෙදෙන හැටි මෙන්න..! උතුරු නැඟෙනහිරටත් කැබිනට් ඇමැතිකම්..!

August 6, 2022 at 8:08 am | by emanisa.lk

සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීමේ දී සිය දිස්ත්‍රික් නායකයන්ට කැබිනට් ඇමැති ධූර ලබාදෙන ලෙස ඉල්ලා සිටීමේ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත.

ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, පවිත්‍රා වන්නි ආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන, එස්.බී. දිසානායක, නිමල් ලන්සා යන මන්ත්‍රිවරුන්ට ඇමැති ධුර ලබා දීම සඳහා නිර්දේශ කර ඇත.

කැබිනට් ඇමැති ධුර තිහක් හා රාජ්‍ය ඇමැති ධුර තිහක් සර්ව පාක්ෂික ආණ්ඩුවේදී පත් කෙරෙන අතර දැනට පත්ව සිටින කැබිනට් ඇමැතිවරුන්ගේ විෂය පථ ද වෙනස් වන බව ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන්ට, ජාතික කොන්ග්‍රසයේ නායක ඒ.එල්.එම්. අතාවුල්ලාට හා දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක සී.වී. විග්නේෂ්වරන්ට කැබිනට් අමාත්‍ය ධුර පිරිනැමීමට නියමිත බව වාර්තාවේ.

මට අමතරව කඳුරට ජනතා පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඒ. අර්වින් ද කුමාර්ට හා ටී.එම්.වී.පී. පක්ෂයේ නායක සිවිනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට රාජ්‍ය අමාත්‍ය ධූර ලබාදීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *