සර්වජන බලය රටට ශුභ අවුරුදු නැකැත් කියයි… ආණ්ඩුව අවුරුදු නැකැත් හැදුවේ පෝය කමිටුව ලවාලු..!

March 14, 2026 at 2:02 pm | by emanisa.lk

රාජ්‍ය නැකැත් කමිටුව පිහිටුවීමට අවුරුදු නැකැත් ප්‍රකාශයට පත්කිරීම දිගින් දිගටම ප්‍රමාද කරීම නිසා සර්වජන බලය පක්ෂයේ ඉල්ලීම පරිදි අද (14) ජනතාවට අවුරුදු නැකැත් සීට්ටුව ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු පිරිසක් පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන් රාජමහා විහාරයට පැමිණ පරිවේණාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් හමුවී කළ ඉල්ලීමක් අනුවය.

ඒ අනුව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ ආරාධනයට අනුව ජ්‍යෝතිර්වේදීන් 17 දෙනෙකු සුනේත්‍රා මහාදේවි පිරිවෙනට පැමිණ සාකච්ඡා කර අවුරුදු නැකැත් සීට්ටුවක් සකස් කර ප්‍රකාශයට පත්කර ඇත.

මේ අතර සංස්කෘතික දෙපාර්තමේන්තුව 2024 වසරේදී ‘රාජ්‍ය නැකැත් කමිටුව’ විසුරුවා හැරි අතර මේ දක්වා රජය නැවතත් නැකැත් කමිටුවක් පත් කර නොමැත.

මෙවර අවුරුදු නැකැත් ප්‍රකාශයට පත් කෙරුණේ පෝය කමිටුවේ සාමාජිකයන් විසින් බවටත් එය ඉතාම අභූභ බවටත් චෝදනා කළ ජ්‍යෝතිර්වේදීන් පිරිසක් ද පසුගියදා (10) මාධ්‍ය කැඳවා රජයට සිය අප්‍රසාදය පළ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *