සමෘද්ධි ප්‍රචාරණ වියදම කැලේ! ගම්පෙරළිය ප්‍රචාරණයට කෝටි 49ක්!

July 8, 2019 at 4:54 pm | by emanisa.lk

වත්මන් රජය විසින් සිදුකරන ගම්පෙරළිය සහ එන්ටපයිස් ශ්‍රී ලංකා වැඩසටහන්වල ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි 49 මුදලක් පුද්ගලික ප්‍රචාරක සමාගමකට ගෙවීම සඳහා මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබේ.

එම වැඩසටහන් දෙකම මුදල් අමාත්‍යාංශය ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන අතර ඒවායේ සියලුම ප්‍රචාරක කටයුතු එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ලේකම් කාර්යාල අධීක්ෂණය යටතේ ඇති පුද්ගලික ප්‍රචාරක ආයතනයක් මගින් සිදු කරයි. මෙම මුදල අදාළ සමාගමට ගෙවීමට නියමිතය.

සමෘද්ධි වැඩසටහනේ ප්‍රචාරණ වියදම සඳහා වෙන්කර ඇති මුදල රු. කෝටි 24ක මුදලක් වෙන් කර ඇතැයි පසුගිය දිනවල ජවිපෙ නායකයා හෙළිදරව් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස