සමහර නිවටයෝ වගේ ඇමැතිකම් අරන් ආණ්ඩුවට යන්නේ නෑ…! – ෆීල්ඩ් මාර්ෂල්….

June 2, 2022 at 9:28 am | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ පමණින් වර්තමානයේ රට මුහුණදී ඇති අර්බුදයෙන් ගොඩ ඒමට හැකියාවක් නොලැබෙන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

මීට පෙර අවස්ථා පහකදීත් අගමැති ධූරය දැරූ රනිල් වික්‍රමසිංහට ඒ අවස්ථාවල දී ද රට නඟා සිටුවීමට නොහැකි වූ බවයි, ෆීල්ඩ් මාර්ෂල් පෙන්වා දුන්නේ.

එසේම මෙම අර්බුදකාරී තත්ත්වයට රනිල් වික්‍රමසිංහ ඇතුළු රජයේ සියලු ප්‍රධානීන් වගකිව යුතු බව ද සරත් ෆොන්සේකා සඳහන් කළේය.

ඇතැම් නිවට පුද්ගලයන් වරදාන වරප්‍රසාද ලබා ගැනීම සඳහා ඇමැතිකම් භාරගත්ත ද තමන් කිසිදු විටෙක ඇමැති ධූර ලබාගෙන ආණ්ඩුව සමග එක් නොවන බව ද ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *