සමහරු කකුලින් අදින කොට කොටි පරදන්න අපි විශාල කැප කිරීමක් කළා…! – ඇමති විජිත හේරත්….

May 20, 2025 at 7:05 pm | by emanisa.lk

තිස් වසරක යුද්ධය අවසන් කිරීමක් ලෙස මිස එය විජයග්‍රහණයක් ලෙස තම ආණ්ඩුව නොදකින බව අමාත්‍ය විජිත හේරත් පවසයි.

එහෙත් ත්‍රස්තවාදය ආයුධ බලයෙන් පරාජය කළ යුතු බවට දැඩි ස්ථාවරයක එදා මෙන්ම අද ද සිටින බව ඔහු පෙන්වා දෙයි.

ඇතැම් බලවේග යුද්ධය නතර කිරීමට සූදානම් වන විට තම පක්ෂය ඊට එරෙහිව බෙදුම්වාදය යුදමය වශයෙන් පරාජය කිරීමට මැදිහත් වූ බව ද විජිත හේරත් අවධාරණය කරයි.

දේශපාලනමය වශයෙන් කෙතරම් අවාසි සහගත වුව ද යුද්ධය අවසන් කිරීම සඳහා තමන් විශාල කැප කිරීමක් කළ බව ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) දෙරණ 360 වැඩසටහනට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *