සමස්ත ලංකාවේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 71%ක බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.
සභාපතිවරයා මේ බව සඳහන් කළේ ඡන්ද වීමසීම නිමාවීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවේ අද (05) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය.
ඡන්ද විමසීම පැය 10ක් පුරා පැවැත්වුණේ, කොරෝනා වසංගතය හේතුවෙන් පැනවූ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වය. දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශකිරීමේ ප්‍රතිශතය 70% ඉක්මවා ගොස් තිබුණි.
කෙසේ වුවද මෙම ප්‍රතිශතය 1989 (63.60%) සහ 2010 (61.26%) මහ මැතිවරණවලට පසු අඩුම ප්‍රතිශතය ලෙස සැලකෙයි. 2010 මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 144ක් ලැබිණි.
යුද ජයග්‍රහණයට පසු පැවති මහා මැතිවරණයේ දී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 61.26%ක් වුවද කොරෝනා වසංගත තත්ත්වය මැද පැවති මෙම මැතිවරණයේ දී 71%ක් ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.