හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ නීතිඥ චමරි පෙරේරා මහත්මිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස පත්කිරීමට පක්ෂයේ අවධානයට යොමුවී ඇතැයි වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් තරුණ මන්ත්‍රී කණ්ඩායමක් දැනටමත් සාකච්ඡාව පවත්වා ඇත.
එම යෝජනාව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද හෙටම ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ. මෙම යෝජනාවට පක්ෂයේ ඉහළ නායකත්වයේ ආශිර්වාදය දැනටමත් ලැබී ඇතැයි දැනගන්නට ඇත.
මහ මැතිවරණය සඳහා තරඟ වැදීමට ආරාධනා ලැබුණහොත් භාර ගැනීමට සූදානම් බව නීතිඥ චමරි පෙරේරා මහත්මිය පසුගියදා ප්‍රකාශ කළාය.