සද්ගුණවත් ආණ්ඩුව පෙරළන්න අපට අවශ්‍ය නෑ… රටට ආදරේ ජනහිතකාමී විපක්ෂයක් හදනවා…! – ෆීල්ර්ඩ් මාර්ෂල්…

July 27, 2026 at 11:03 am | by emanisa.lk

මේ වන විට රටට දක්ෂ, කාර්යක්ෂම, රටට ආදරේ, අවංක, ජනහිතකාමී දේශපාලනඥයන්ගෙන් සමන්විත විපක්ෂයක් අවශ්‍ය වී ඇතැයි හිටපු අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

මේ දිනවල තිබෙන සුන්බුන් විපක්ෂය තව තවත් කුඩු කිරීමට ජනතාව කටයුතු කරමින් ඇතැයිද ෆීල්ඩ් මාර්ෂල් ප්‍රකාශ කරයි.

මෙතෙක් පැවති ආණ්ඩුවලට වඩා වර්තමාන ආණ්ඩුව සද්ගුණවත් හෙයින් එය පෙරළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති අතර සිය අරමුණ රටට වැඩදායි විපක්ෂයක් නිර්මාණය කිරීම බවද හෙතෙම අවධාරණය කරයි.

අභිමානවත් දේශයක් හා පරපුරක් සඳහා පෙරමුණ ගනු යන මැයෙන් සංවිධානය කළ ජනහමුවක් අමතමින් සරත් ෆෝසේකා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *