පසුගිය වසරේ ජුනි 09 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පැන යාමෙන් පසුව පාර්ලිමේන්තුව වටලෑමක් සමග එවක හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා අවස්ථා දෙකක දී තමාගෙන්ම උපදෙස් පැතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සඳහන් කරයි.
එම අවස්ථාවලදි තමා විසින් ඔහුට උපදෙස් ලබා දුන් බවත් එම උපදෙස්වලට අනුව ඔහු ක්‍රියා කර ඇති බවට පෙනී යන බවත් ෆොන්සේකා පවසයි.
තමා යුද හමුදාපති ධුරයේ සිටියත් එම ක්‍රියාමාර්ග අනුගමනය කරන බවත් හෙතෙම තව දුරටත් කියා සිටී.
විමල් වීරවංශ විසින් ශවේන්ද්‍ර සිල්වා නිතර තමන් අමතා උපදෙස් ලබා ගන්නා බවට කළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් සරත් ෆොන්සේකා වැඩි දුරටත් පවසයි.