සතොසින් හාලුයි සීනියි විතරක් ගන්නේ ජාවාරම්කාරයෝ….! හෙට සිට තවත් භාණ්ඩ 05ක්වත් ගන්න ඕන…!

November 4, 2021 at 11:07 am | by emanisa.lk

සතොස ආතනයෙන් සහල් සහ සීනි අඩු මිලට අලෙවි කරන නමුත් යම් පාරිභෝගිකයකුට සහල් සහ සීනි නිකුත් කිරීමට නම් අවම වශයෙන් භාණ්ඩ පහක්වත් ඒ සමග මිල දී ගතයුතු බව වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන අවධාරණය කරයි.

“සහල්, සීනි, කහ වගේ විශාල වශයෙන් මිල අඩු කරලා තියෙන භාණ්ඩ ගන්නා විට ඒ සමග තවත් භාණ්ඩ පහක්වත් ගන්නෙ නැත්නම් සහලුයි සීනියි විතරක් අලෙවි කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නෙ නෑ හෙට සිට.

මොකද ඒ තුළින් විශාල ජාවාරමක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම වෙලා තියෙනවාත් දකිනවා. අමාරුවෙන් ජීවත්වෙන සහ සාධාරණ ලෙස භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයන්ට භාණ්ඩ සැපයීම පමණයි සතොසෙ අරමුණ.

කිසිම බිලක, රිසිට් පතක තනි භාණ්ඩය හෝ දෙකක් තියෙන්න බෑ, භාණ්ඩ පහක්වත් තියෙනවා නම් පමණයි හාලුයි සීනියි විතරක් තනිව නිකුත් කරන්නෑ. මොකද සහලුයි සීනියිවලින් විතරක් ගෙදර ජීවත් වෙන්නෙ නෑ.”

අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මේ බව පැවසුවේ ඊයේ (03) වෙළඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *