ව්‍යාපාරිකයෙකුගෙන් මුදල් ගෙන පාසලකට රෝහලකට ලබා දීම කජ්ජක් දැයි අනුර දිසානායක ප්‍රශ්න කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.
අනුර දිසානායකලත් එලෙස ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ගත්ත ද එම මුදල් පාසලට හෝ රෝහලට හෝ ලබා නොදෙන බවයි, ඔහු සඳහන් කළේ.
එලෙස ජවිපෙ ලබා ගන්නා මුදල් බැංකු ගිණුම්වල දමා ගෙන සිය පක්ෂයේ ඉහළ නායකත්වය වැජඹීමට යොදා ගන්නා බවට නලීන් බණ්ඩාර චෝදනා කරයි.
සජබ ගොවිජන ප්රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.