සජිත් බිත්තියට ම හේත්තු වෙයි…! ජලනිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි…!

June 13, 2023 at 10:37 am | by emanisa.lk

සභාපති
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව,
අංක 36, මලලසේකර මාවත,
කොළඹ 07,
අයථා ඉපයීම් සහ දූෂනයක් පිළිබදව පැමිණිලි කිරීම

යඨෝක්ත අත්සන් කළ මා මා ගවේශණශීලී මාධ්‍යවේදියෙකි
2023 මැයි 18 දින මා ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට අයත් යූ ටියුබ් නාලිකාව වන Truth with Chamuditha සමග කළ සාකච්ඡාවවේදී පාර්ලීමේන්තුවේ විපක්ෂය නායක සජිත් ප්‍රේමදාස සහ ජලනී ප්‍රේමදාස Fairway Residencies,Buthgamuwa Rd, Sri Jayawardenepura Kotte යන ලිපිනයේ ඇති සුඛෝපබෝගි මහල් නිවාසයේ 18, 19 ,20 තට්‍ටු අත්පත් කරගෙන ඇති බව හෙළි කළෙමි.
මේ සම්බන්ධව වැඩිදුර සොයා බැලීමේදී පහත කරුනු හෙලිවිය
1. ජලීනී අත්පත්කරගෙන ඇති මුළු ඉඩ ප්‍රමාණය වර්ග අඩි 9000 කට ආසන්නය. මෙම වත්කම අත්පත් කරගැනීම සඳහා මිලියන 350 කට වැඩි මුදලක් වැය කොට ඇත. මෙම නිවසේ අයිතිකරු ලෙස ලිපි ලේඛන වල දක්වා ඇත්තේ ඔස්ට්‍රේලියාවේ පදිංචි පොන්නයියා නම් අයෙකි. නමුත් එය සැක කටයුතුය
2. 18, 19,20 යන තට්‍ටු වල අභ්‍යන්තර ඉදිකිරීම් සහ අලංකරණ කටයුතු ජලනී ප්‍රේමදාස සහ ලක්ෂ්මන් ෆොන්සේකා ( ජලනීගේ ව්‍යාපාර සහකරු ) විසින් සිදුකොට ඇත.අභ්‍යන්තර ඉදිකිරීම් සහ අලංකරණ කටයුතු වලට අදාල මිලියන ගණනක ගාස්තුව ජලනි ප්‍රේමදාස සහ ලක්ෂ්මන් ෆෝන්සේකා විසින් පියවා ඇත
3. අභ්‍යන්තර ඉදිකිරීම් සහ අලංකරණ කටයුතු බාර දුන් සමාගම Euro pantry ,83/1 Ward Place, Colombo 07 නම් විය. සමාගමේ අයිතිකරු බූටස් බාලසූරිය නම් වෙයි.
4. යඨෝක්ත අත්සන් කළ මා 2023 ජූනි මස 2 දින බූටස් බාලසූරියගේ 0777 413834 දුරකථනයට 12.59 PM කථා කළෙමි . ඒ අනුව ඉහත සඳහන් කරුණු සත්‍ය බව තහවුරු කරගතිමි.
මින් පෙනී යන්නේ සජිත් ප්‍රේමදාස සහ ජලනී ප්‍රේමදාස ජනයාගේ ඇසට වැලි ගසා සුඛෝපබෝගී නිවාසයක් අත්පත් කරගෙන ඇති බවය . කරුනු එසේ හෙයින් මේ පිළිබදව නිසි විමර්ශණයක් කරන ලෙස ඉල්ලා සිටිමි
මීට විශ්වාසී
කීර්ති රත්නායක
2023 ජූනි මස 11 දින
075 1838 487

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *