කොවිඩ් එන්නත් ගේන්න පෞද්ගලික ව්‍යාපාරිකයින්ට ඉඩ නොදුන්නේ ඇයි…? – විපක්ෂ නායක…

May 17, 2021 at 3:59 pm | by emanisa.lk

කොවිඩ් එන්නත් ගෙන්වීමේ අවස්ථාව පෞද්ගලික අංශය වෙත ලබා දීමට රජය සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මෙම තීන්දුව මාස ගණනකට පෙර නොගත්තේ මන්දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරයි.

රටේ තීන්දු නිවැරදි අවස්ථාවේ නොගැනීම නිසා ජනතාව අන්ත අසරණභාවයට පත්ව සිටින බව හෙතෙම පෙන්වා දෙයි.

ජනතාවගෙන් සුළු පිරිසකට එන්නත් ලැබී ඇති බවටත් බහුතරයකට එන්නත ලැබී නොමැති බවටත් විපක්ෂ නායකවරයා චෝදනා කරයි.

කෙසේ වුව ද රැපීඩ් ඇන්ටිජන් උපකරණ කට්ටල පෞද්ගලික අංශයට ගෙන්වීමට අවසර ලබා දුන් අවස්ථාවේ විපක්ෂ කණ්ඩායම් චෝදනා කළේ රජය මගින් නොගෙන්වා එම අවස්ථා පෞද්ගලික අංශයට ලබා දුන්නේ සිය ගජ මිතුරු ව්‍යාපාරිකයින්ට ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කර දීමට බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස