සජිත් පරාද කරන්න රනිල් – අනුර ගිවිසුමක් ගහලා…! – නලීන් බණ්ඩාර…

July 13, 2024 at 7:35 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහගේ මෙන් ම අනුර දිසානායකගේ ද එකම බලාපොරොත්තුව සජිත් ප්‍රේමදාස පරාජය කිරීම බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.

ඒ සඳහා රනිල්, අනුර සහ රාජපක්ෂ කල්ලිය සාමුහික ගිවිසුමකට එළඹ ඇති බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

ඔවුන්ට ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි වුව ද සියලු දෙනා කෙසේ හෝ සජිත් ප්‍රේමදාස පරාජය කොට අනෙකෙකු දිනවා සිය ආරක්ෂාව තහවුරු කර ගැනීමට තීන්දු කොට ඇති බව ද නලීන් බණ්ඩාර සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කළහොත් තමන්ට කෙළවෙන බව රනිල් අනුර සහ රාජපක්ෂලා හොඳින් අවබෝධ කරගෙන ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.

සමගි ජන බලවේගය අද (13) සංවිධානය කළ මතුගම ජන රැලියට එකතු වෙමින් නලීන් බණ්ඩාර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *