ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පාලන ෆෙඩරල් නියෝජිතායතනය අවදානම් කොවිඩ් රෝගීන් සඳහා භාවිතයට අවසර දී ඇති REGEN-COV ඖෂධය ලංකාවේ ගෙන්වා ගැනීමේ වැදගත්කම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා පෙන්වා දුන්නේ ය.
කෙසේ වෙතත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත ප්‍රකාශ කර තිබුණේ ඖෂධ නියාමන අධිකාරියේ කොවිඩ් පිළිබඳ කමිටුව මෙම ඖෂධය මෙරටට ගෙන්වීමට අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.
මෙම ඖෂධයේ ඵලදායීතාව පිළිබඳව විශ්වසනීය තොරතුරු නොමැති බැවින් මෙසේ එය ප්‍රතික්ෂේප කළ බව හෙතෙම වැඩි දුරටත් සඳහන් කරයි.
සජිත් ප්‍රේමදාස මෙයෙට පෙර හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුව යමින් ප්ලැකනිල් නම් ඖෂධයක් කොවිඩ් සඳහා නිර්දේශ කළ ද අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානය එය භාවිතය ප්‍රතික්ෂේප කළේ ය.