සජිත් ප්‍රේමදාස යනු කිසි අඩුපාඩුවක් නැති මිනිහෙක් යැයි තමන්ට කිව නොහැකි බව හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා පවසයි.
කිසිවෙකු පිළිබඳ සහතික දිය නොහැකි බවත් මේ රටේ අඩුපාඩු නැති නායකයින් බිහි වී නැති බවත් හෙතෙම පෙන්වා දෙයි.
මේ රටේ ජනප්‍රිය සජිත් ද තමන් ද යන්න විමසා බැලිය යුත්තේ ජනතාවගෙන් බවයි, ෆොන්සේකා ප්‍රකාශ කළේ.
සජබ ආණ්ඩුවක් යටතේ හොරු අල්ලන වැඩේ තමන්ට භාර දුනහොත් එය අකුරට ම ඉටු කරන බව ද ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.