සජිත්ට ශාසන කීර්ති දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය…!

March 11, 2022 at 10:19 pm | by emanisa.lk

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත අද (11) ශාසන කීර්ති දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය පිරිනමනු ලැබීය. ඒ නාරාහේන්පිට පිහිටි රාමඤ්ඤ මහා නිකායේ මූලස්ථානයේ දී ය.

සමාජ සංස්කෘතික සහ ආගමික වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඉටු කරන අනවරත මෙහෙවර පිළිබඳව විශේෂයෙන් ප්‍රසාදයට පත්ව එකී මෙහෙවර ඇගයීම පිණිස ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මගින් අදාල ගෞරව නාමය ඒ මහතා වෙත පිරිනමනු ලැබීය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක,
අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන හිමිපාණන්වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩමවා වදාල අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු කථානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස