විල්පත්තුව කැපූ බදියුදීන් අපේ පක්ෂෙ නෙමෙයි…! ඔහු එක්ක ඡන්දේ ඉල්ලන එක වෙනම කතාවක්….! අපි ඔහුගේ කරට අත දා ගෙන නෑ….! හිරුණිකා….

March 20, 2021 at 1:45 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විපක්ෂයේ වෙනත් දේශපාලන පක්ෂයක් නියෝජනය කරන අයකු බව හිටපු පාර්ලමේන්තු මන්ත්‍රී සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිරුණික ප්‍රේමචන්ද්‍ර පවසයි.

සමගි ජන බලවේගය සමඟ බදියුදීන් ඡන්දය ඉල්ලුව ද තමන් ඔහුගේ කරට අත දමාගෙන නැතැයි ද ඇය අවධාරණය කරයි.

මැතිවරණයේ දී එකට එකතු වී ඡන්දය ඉල්ලීම වෙනම දෙයක් බවත් හිරුණිකා පවසයි.

එහෙත් මේ අවස්ථාවේ තමන් ඔහු සමඟ සන්ධානගත වී නොමැති බව ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශ කළා ය.

ඊයේ (19) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති සිංහරාජය සුරකින පරිසර හමුවේ දී මාධ්‍ය නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *