සජිත්ගේ නායකත්වයයෙන් ආණ්ඩුවක් හදල ජන දුක නිවනවා..! – රාජිත..

July 10, 2022 at 7:35 pm | by emanisa.lk

ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඉවත් වූ පසුව විපක්ෂ නායකවරයා විකල්ප අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වෙන්නේ ඇයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රාජිත සේනාරත් සඳහන් කරයි.

එනිසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් නව රජයක් බිහිකර බලය බෙදා හදා ගෙන ජනතාවගේ ගැටලු සමනය කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසීය.

පවතින අර්බුදකාරී තත්ත්වය අවසන් කළ යුත්තේ පාර්ලිමේන්තුව හරහා බවත් එසේ නැතුව රටේ අරාජිකත්වයක් ඇති වුවහොත් ලංකාව ද ඇෆ්ගනිස්ථානය සූඩානය ටියුනීසියාව වැනි රටක් වනු ඇතැයිද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (10) සමගි ජන බලවේගය මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *