සජබ සහ එජාපය එකතු වෙනවා නම් නායකයා රනිල් විය යුතුයි…!

January 29, 2025 at 9:33 am | by emanisa.lk

ඉදිරි පළාත් පාලන මැතිවරණයට එජාපය සහ සමගි ජන බලවේගය එක්ව තරග කිරීමට සිදු කරන සාකච්ඡා සාර්ථක වේ යැයි විශ්වාස කළ නොහැකි බවත් සර්ව ජන බලය පක්ෂයේ ජාතික සංවිධායක දිලුම් අමුණුගම පවසයි.

“එජාපය සහ සජබ එකතු වීමක් ගැන සිතන්නේ නම් රනිල් නොවී වෙනත් අයකු නායකත්වයට පත්වීමෙන් වැඩක් නැති බවයි මගේ මතය. නැවත එක්වීමට මේ සාකච්ඡා කරන්නේ එදා එකට හිටපු අයයි. මේ අය එකතු වෙනවාද නැද්ද කියලා අපි දන්නේ නෑ.

ඒත් රනිල් වෙන කෙනකුට නායකත්වය දී එකතු වෙන තැනකට යයි කියලා මම හිතන්නේ නෑ. අනිත් එක තමයි, වෙන කෙනකුට නායකත්වය දී මේ එකතුවීමෙන් වැඩක් වෙන්නෙත් නෑ. මොකද සජිත්ගේ නායකත්වයෙන් සජබ දැන් මැතිවරණ ගණනාවක් පරාජය වුණා.

ඉතිහාසයේ පළමු වතාවට විපක්ෂය වෙනුවට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙනත් කණ්ඩායමක් බලයට පත් වුණා. ඒක එහෙම වුණේ විපක්ෂයේ දුර්වලකම නිසයි. ඉතිහාසයේ හැමදාම වුණේ ආණ්ඩු පක්ෂය පරදින විට විපක්ෂයේ කණ්ඩායම බලයට පැමිණීම. මේ වතාවේ වික්ෂයේ අය විපක්ෂයේම ස්ථාවර වුණා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *