සජබ මග හැර දියුණුවට වෙන මගක් නෑ… දියුණු හැම රටක් ම ගියේ සජබ මග….! – බාකිර් මාර්කර්…

October 23, 2024 at 7:03 pm | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණයේ දී සිය පක්ෂයේ යම් පසුබෑමක් ඇති වුව ද අධෛර්යමත් නොවන ලෙස පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ ඉමිතියාස් බාකිර් මාර්කර් පවසයි.

මේ රටේ ගැටලු විසඳිය හැකි වැඩපිළිවෙළක තම පක්ෂය සිටින බවත් ඒ මාර්ගය මිස වෙනත් මගක් නොමැති බවත් ඔහු අවධාරණය කරයි.

ලොව දියුණු යැයි සම්මත ජර්මනිය, ප්‍රංශය සහ දකුණු කොරියාව වැනි රටවල් ගියේ ද එම මාර්ගයේ බවයි, බාකිර් මාර්කර් සඳහන් කළේ.

සටන් පාඨ, ආකර්ශනීය කතා සහ සුරංගනා ලෝක මැවීමෙන් බලයට පත් රටවල් අසාර්ථක වූ බව දද ඔහු පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *