සජබ පාර්ලිමේන්තුවේ යකා නටයි..! සෙංකෝලය පැහැරගෙන යාමේ උත්සාහයක්..! වේත්‍රධාරීට සහ නි. වේත්‍රධාරීට පහර දෙති..!

May 6, 2022 at 5:25 pm | by emanisa.lk

සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් සභා ගර්භය මැදට පැමිණ සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ කිරීමේ දී පාර්ලිමේන්තු වෙිත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සහ නියෝජ්‍ය වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහත්වරුන් බිම ඇද වැටී ඇත.

හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, ගයන්ත කරුණාතිලක, හෙක්ටර් අප්පුහාමි, කාවින්ද ජයවර්ධන, මූජිබුර් රහුමාන් ඇතුළු තවත් පිරිසක් දිගින් දිගටම කතානායකවරයා මුලසුනට කැඳවන ලෙස බලකරමින් සිටින අතර හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරු සෙංකෝලය අසලට පැමිණියහ.

ඒ සමඟම වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු හා නියෝජ්‍ය වේත්‍රධාරි කුෂාන් ජයරත්න‍ සෙංකෝලය ආරක්ෂා කරමින් එය සිය යටතට පත්කරගන්නට උත්සාහ කිරීමත් සමඟ ඔවුන්ට පහර දීමක් සිදු විය.

ඒ සමඟ සෙංකෝලය සමඟ වේත්‍රධාරිවරයා ඇද වැටුණු අතර ‍සෙංකෝලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දැඩි පරිශ්‍රමයක් දරනු දක්නට ලැබිණි.

පසුව ඒ අසලට සමගි ජන බලවේගයේ සෙසු මන්ත්‍රීවරු ද පැමිණි අතර පොර බැදීමේදී නියෝජ්‍ය වේත්‍රධාරීවරයා ද ඇද වැටෙනු දක්නට ලැබිණ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *