සජබ ප්‍රබල තනතුරුවල වෙනසක්…. SFගේ සභාපති පුටුව බාකීර් මාර්කර්ට…!

September 27, 2024 at 2:09 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ප්‍රබල තනතුරු කිහිපයකට නව සාමාජිකයන් පත් කිරීමට සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (27) කටයුතු කර තිබේ.

ඒ අනුව 2024 වර්ෂය සඳහා සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පත්කර තිබෙන අතර 2024 වර්ෂය සඳහා සමගි ජන සන්ධානයේ මහ ලේකම් ධුරය සඳහා හිටපු කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් මහතා පත්කර ඇත.

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පත් කිරීමටද කටයුතු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *