පක්ෂයට රණවිරුවන් නොපැමිණෙන බවට පක්ෂයේ ශක්තිය මදි බවට කයිවාරු නොගසා සියලු දෙනා එක්ව පක්ෂය ගොඩනැඟිය යුතු බව සමගි ජන බලවේග නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ, සමගි ජන බලවේගයේ ඇතැමුන් සිය මවට සහ පියාට පවා බැණ වැදුණ ද ඊට එරෙහිව පියවර නොගන්නා බවයි.
එහෙත් පක්ෂය සහ පක්ෂ කෘත්‍යාධීකාරි මණ්ඩලය ගත් තීන්දු විවේචනය කරන සියලු දෙනාට එරෙහිව තරාතිරම නොබලා විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි, විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.
ගාල්ල ප්‍රදේශයේ පැවැති සජබ නියෝජිත හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.