සජබ තුන්වෙනි පෙළ අයගේ විවාද රටට වැඩක් නෑ.. කළ යුත්තේ සජිත්-අනුර විවාදයයි..! – හර්ෂලාට ගොඩහේවාගෙන් ප්‍රහාරයක්…

April 18, 2024 at 12:43 pm | by emanisa.lk

මේ අවස්ථාවේ රටට වැදගත් දැනට ප්‍රකාශයට පත්කොට ඇති විපක්ෂයේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් අතර විවාදයක් බව සමගි ජන සන්ධානයේ ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, එසේ නොමැතිව සමගි ජන බලවේගයේ දෙවෙනි තුන්වෙනි පෙළ නායකයින්ගේ විවාදයකින් පලක් නොමැති බවයි. සමගි ජන බලවේගයේ ප්‍රබලයින් වන හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, නලීන් බණ්ඩාර ආදීන් සජබ ජාජබ ආර්ථික කමිටු අතර විවාදයක් කළ යුතු

ෆේස්බුක් සටහනක් තබමින් ආචාර්ය ගොඩහේවා මේ බව පවසා තිබේ.

“මෙතෙක් ජනාධිපතිවරණයට අපේක්ෂකත්වය ප්‍රකාශ කොට ඇති ප්‍රධාන පක්ෂ දෙකේ ජනාධිපති අපේක්ෂකයන් අතර විවාදයක් පැවැත්විය යුතු බවට ඇතිවී තිබෙන කතිකාව සැබෑ විවාදයකින් අවසන් වනු දැකීම ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරනා අප බොහෝ දෙනෙකුගේ කැමැත්තයි.

මේ පක්ෂ දෙකෙන් එකක්වත් තවම තම ප්‍රතිපත්ති ප්‍රකාශයන් ඉදිරිපත් කොට නැති නිසා ඒ ඒ පක්ෂවල දෙවෙනි පෙළ, තුන්වෙන පෙළ සිටිනා දේශපාලකයන් හෝ වෘත්තිකයන් විවාදයට පැමිණීමෙන් ජනතාවට ඇති සෙතක් නැත. ජනතාවට අවශ්‍ය තරඟයට ඉදිරිපත් වන නායකයන් සිතනා හැටි වටහා ගන්නටය.

මේ විවාදය සියලු ප්‍රධාන මාධ්‍යජාලාවලට විවෘත වන්නේ නම් වඩාත් සුදුසුය. ඒ කෙසේ වෙතත් යම් ස්වාධීන ආයතනයක් විසින් මෙහි සංවිධාන කටයුතු කල යුතු අතර විවාදය ගැලපෙන ආකෘතියක් යටතේ ඉහළම වෘත්තීය මට්ටමෙන් පැවැත්වීමටත් මේ වෙලාවේ රටට වැදගත් මාතෘකා හැකි පමණ සාකච්ඡා කිරීමටත් ඔවුන් වග බලා ගත යුතුය.

ඒ මාතෘකා තෝරාගැනීමේදී විද්වත් සහාය ලබා ගන්නවා මෙන්ම කලින් කල කෙටි සමීක්ෂණයක් හරහා මහජන අදහස්ද ලබා ගැනීම සුදුසුය.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *