ගෝඨා ෆේල් කී ආචාර්ය ගොඩහේවා සජිත් සොයා යයි..!

June 13, 2022 at 12:44 pm | by emanisa.lk

පසුගියදා YouTube නාළිකාවක් සමග සාකච්ඡාවට එකතු වෙමින් ගෝඨාභය රාජපක්ෂ අසාර්ථක පාලකයකු බව ප්‍රකාශ කළ හිටපු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා අද (13) උදෑසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී විශේෂ සාකච්ජාවකට එක්ව ඇත.

මෙම හමුවට සරත් ෆොන්සේකා, එම්.ඒ. සුමන්තිරන්, තිස්ස අත්තනායක, රංජිත් මද්දුමබණ්ඩාර, බුද්ධික පතිරණ, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා ඇතුළු මන්ත්‍රී පිරිසක් එක්ව සිටිති.

ආචාර්ය නාලක ගොඩහේවා වියත්මග සංවිධානයේ ආරම්භක සාමාජිකයකු මෙන් ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් කිරීමට විශාල දායකත්වයක් ලබා දුන් අයෙකි.

මෙම හමුවේ දී සජබ මහ ලේකම් අසල ම අසුනක් ආචාර්ය ගොඩහේවාට හිමි වීම ද විශේෂත්වයකි.

එම හමුව විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්විණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *