රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා පාසල් සිසුන්ට ලබා දුන් දිවා ආහාරය කප්පාදු කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ මේ වන විට ප්‍රාථමික සිසුන්ට පමණක් දිවා ආහාරය ලබා දෙන බවයි.
මෙලෙස ළමුන් බෙදීම ලැජ්ජාවට කාරණයක් බවත් සිය ආණ්ඩුවක් යටතේ 41 ලක්ෂයක් වන සියලු පාසල් සිසුන්ට දිවා ආහාරය ලබා දීමට කටයුතු කරන බවත් සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.
හම්බන්තොට තංගල්ල කොටවාය මධ්‍යම මහා විද්‍යාලයේ පැවැති උත්සව අවස්ථාවක් අමතමින් හෙතෙම මේ බව කීය.