“සජබ අලියා ගිල්ල දිවුල් ගෙඩියක්… ඒකාධිපති ගුහාවක්…” කළුතර හඬවමින් ලලිත් දේශපාලනට සමුදෙයි…!

December 27, 2024 at 3:50 pm | by emanisa.lk

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, පානදුර සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ලලිත් එල්ලාවල දේශපාලනයෙන් සමුගන්නා බව සඳහන් කළේය.

“අපි බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයි සජබය ඇතුළේ තියෙන්නේ. සමගි ජන බලවේගය කියලා කිව්වට මේක ඇතුළේ කිසිම සමගියක් නැහැ. මහා ඒකාධිපති පාලනයක් තියෙන්නේ. වැඩක් කරන්න කැමති කෙනෙකුට මෙතන වැඩක් කරන්න ඉඩ දෙන්නේ නැහැ

උදාහරණයකට ගන්න ලේකම්තුමා. ලේකම්ගේ නම විතරක් ජාතික ලැයිස්තුවට නම් කරලා යැව්වා.
සමගි ජන බලවේගය තව ටිකක් කල් යනකොට අලියා ගිල්ල දිවුල් ගෙඩිය වගේ වෙනවා.

අන්න ඒ කාරණා නිසා මම සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් අද දිනයේ සිට ඉවත් වෙනවා. මම තීන්දු කළා මගේ දේශපාලනයට මින් ඉදිරියට තිත තියන්න.”

අද (27) පානදුරේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *