සංසාර ගමනේ පළමු වතාවට කැබිනට් තීන්දුවකට CID ගියා..! – බන්දුල….

November 28, 2024 at 6:36 pm | by emanisa.lk

තමා දශක ගණනාවක් නියෝජ්‍ය ඇමති, ඇමති ධුර විශාල ප්‍රමාණයක් දැරුව ද සිය සංසාර ගමනේ ප්‍රථම වතාවට කැබිනට් තීරණයක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දීමට සිදුව ඇතැයි ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි.

කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිර්මාණය කරන තැන සිට එම ක්‍රියාදාමට තමා අදාළ නිලධාරීන්ට පැහැදිලි කර දුන් බවයි, බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ.

එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පසු නියමිත ක්‍රමවේදයට යටත්ව ඊට අනුමැතිය දීම හැර ඉන් අනතුරුව ප්‍රසම්පාදන කොමිටිය විසින් සිදුකරන ඖෂධ මිල දී ගැනීම හෝ එම ඖෂධවල තත්ත්වය පිළිබඳ කැබිනට් මණ්ඩලය කිසිවක් නොදන්නා බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමයේ බාල ඖෂධ ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත බන්දුල ගුණවර්ධන මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *