සංචරණ සීමා රට වැසියන්ට විතරයි….! ටුවරිස්ට්ලට අදාළ නෑ…!

May 16, 2021 at 9:16 pm | by emanisa.lk

ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින සංචාරකයන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සංචරණය කළ හැකි බව සංචාරක අමාත්‍යංශය පවසයි.

දිස්ත්‍රික් හා පළාත් අතර සංචරණ සීමා ඔවුන්ට අදාළ නොවන බව අමාත්‍යංශය පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ පොලිස්පති දැනුම්වත් කර තිබේ.

ඒ අනුව විදෙස් සංචාරකයන්ට කිසිදු බාධාවකින් තොරව සිය සංචාරයේ නියැලිය හැකි බව සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *