සංචරණ සීමා ගඟට කැපූ ඉනි වෙයි…! කොවිඩ් ආසාදිතයෝ 8000ක් ගෙවල්වල….! ඔක්සිජන් ලබා දෙන ගණන 120%කින් ඉහළට….!

June 1, 2021 at 8:24 pm | by emanisa.lk

කොවිඩ් ආසාදිතයන් 8000ක් පමණ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු නොවී නිවෙස්වලට කොටු වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

මෙලෙස රෝගීන් 8000ක් බාහිර සමාජයේ සිටින අවස්ථාවක සංචරණ සීමා දැමීමේ කිසිදු ප්‍රයෝජනයක් නැතැයි ද එම සංගමයේ විධායක සභික ප්‍රසාද් කොළඹගේ පවසයි.

මීට අමතරව කොවිඩ් ආසාදිතව අසාධ්‍ය තත්ත්වයෙන් ඔක්සිජන් මත යැපෙන රෝගීන් 330ක් ඉක්තු 31 වැනි දා වන විට රෝහල්ගතව සිටි බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

ඔක්සිජන් මත යැපෙන රෝගීන් 149ක් ඉකුත් 27 වැනි දින වන විට රෝහල්වල සිටි අතර දින හතරක් ඇතුළත එනම් ඉකුත් 31 වැනි දින වන විට එම රෝගීන් ගණන සියයට 120 කින් ඉහළ ගොස් රෝගීන් ගණන 330ක් බවට පත් වූ බව ද එම සංගමය කියයි.

මේ අනුව ඉදිරි දින කීපයේ දී සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයකට ලක්වී කොවිඩ් රෝගීන්ගේ මරණ සංඛ්‍යාව ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *