කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව රාජපක්ෂ රජයේ දරුණු පරාජයක් බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දුන් තීන්දුව හරහා අධිකරණය බලය බේරා ගැනීමට සහ මැති ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් ප්රමුඛ ව්‍යවස්ථාදායකය ආරක්ෂා කර දීමට පියවර ගෙන ඇතැයි ද එජාප නායකයා කියයි.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණු සඳහන් කළේ සූම් තාක්ෂණය ඔස්සේ කොළඹ සිට එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ පැවැති සාකච්ඡාවේදීය.
ශ්‍රී ලංකාව මුල් කරගනිමින් කලාපයේ මූල්‍ය මධ්‍යස්ථානය ඇති වනවාට කැමැති වුවද රාජපක්ෂ පාලනය යටතේ ඉන්දියානු ව්‍යාපාරිකයන් වරාය නගරයට නොඑන හෙයින් ශ්‍රී ලංකාවේ පොට් සිටිය චීනයට විශාල පාඩුවක් වනු ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මෙහි දී පෙන්වා දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා පැය විසි හතරෙන් හෝ සුමාන දෙකෙන් හෝ කිසිදු අයෙකුට වරාය නගරයේ ආයෝජන කටයුතු සඳහා අනුමැතිය නොලැබෙනු ඇතැයි ද රනිල් වික්‍රමසිංහ කීවේය.
වරාය නගරයේ සියලු බලතල එකවර ගැනීමට දැරූ අත්දැකීමෙන්, පළපුරුද්දෙන් තොර වෑයම නිසා රජය මේ දරුණු පරාජයට මුහුණ දුන්නැයි ද, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තවදුරටත් පැවැසීය.