ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවේ රටවල් හතරක බැංකු වෙත සයිබර් ප්‍රහරයක් එල්ලවී ඇති බව www.zdnet.com වෙබ් අඩවිය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බංග්ලාදේශය හා කජිගිස්තානය යන රටවල් ද ‘සයිලන්ස් හැකර්ස්’ නම් කණ්ඩායමේ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බව එහි සඳහන් වෙයි.
මේ බව තහවුරු කරමින් තවමත් මාධ්‍ය වෙත වාර්තා වී ඇත්තේ එක් සිදුවීමක් පමණි. ඒ බංග්ලාදේශයේ Dutch Bangla බැංකුවේ මුදල් ඩොලර් මිලියන තුනක පමණ මුදලක් හැකර්කරුවන් විසින් පැහැර ගැනීමයි. පසුගිය මැයි මාසයේදී මෙම සිදුවීම සිදුව තිබේ.