China National Vehicles Import and Export Co. Ltd ශ්‍රී ලංකාවේ වාහන නිපදවීමේ කර්මාන්තශාලාවක් වෙනුවෙන් ආයෝජනය කිරීමට සූදානම් වෙයි.
ශ්‍රී ලංකාවේ වාහන නිපදවිය හැකි කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීමේ හැකියාව සොයා බැලීමේ අරමුණින්, China National Machinery Import and Export Corpහි උප සභාපති Wu Yi 2021 ඔක්තෝබර් 26 දින, එම තානාපති කාර්යාලයේදී තානාපති ආචාර්ය පාලිත කොහොන මුණ ගැසී සාකච්ඡා කළේය. ශ්‍රී ලංකාව තුල MG, Chery සහ Proton යන සන්නාමයන් නිපදවා, ප්‍රවර්ධනය කිරීමට ඔවුහු සැලසුම් කරති.
China National Vehicles Import & Export Co. Ltd., (CVC) යනු China National Machinery Import and Export Corp (CMC) වෙත පූර්ණ අයිතිය සතු උප සමාගමක් වන අතර, එය රථ වාහන, අමතර කොටස් හා අංගෝපාංග හා වෙනත් ඒ හා සමාන නිෂ්පාදිත බෙදාහැරීම පිළිබඳ විශේෂඥතාවකින් යුතු සමාගමකි.
CVC මගින් දැනටමත් ශ්‍රී ලංකාවේ මයික්‍රෝ මෝටර් රථ ව්‍යාපාරය සමඟ ඵලදායී සබඳතාවක් ස්ථාපිත කර ඇත. මයික්‍රෝ මෝටර් රථ ව්‍යාපාරය සමඟ විස්තීර්ණ ඒකාබද්ධ ව්‍යාපාරයක් ඇරඹීම පිළිබඳ CVC සාකච්ඡා කරමින් සිටි බව Wu Yi වැඩි දුරටත් අනාවරණය කළේය.