ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්වාධීනව තරඟ කරන තීරණය ගන්නට පෙර පසුගිය මැතිවරණවලදී තනිව තරග කොට ගත් ඡන්ද ප්‍රමාණය දෙස බුද්ධිමත්ව සිතා බලන්නැයි ආරාධනා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .බී. දිසානායක පවසයි.
ඇතැම් විට වෙන ම තරඟ කරනවා යැයි කීම ඉදිරි මැතිවරණයේ දී වැඩි අපේක්ෂක සංඛ්‍යාවක් ගැනීමට කරන උපක්‍රමයක් විය හැකි බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
ඉදිරි මැතිවරණයේ දී ශ්රීලනිපය පොදුජන නිදහස් සන්ධානයෙන් ඉවත් ව වෙන ම තරඟ කිරීමට ගෙන ඇති තීන්දුව පිළිබඳ අදහස් දක්වමින් එස් .බී දිසානායක මේ බව ප්‍රකාශ කර තිබේ.