ශ්‍රීලනිපය ජවිපෙ සමග එකතු වන්න සූදානම්…!

December 23, 2021 at 11:59 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානගත වීමට සූදානම් බව එම පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

මෙය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේත්, මහින්ද රාජපක්ෂ සමයේත් සිදු වූ බව ද හෙතෙම කීය.

අද ශ්‍රීලනිපයේ හොරු මංකොල්ලකාරයන් මිනීමරුවන් නැති බවත්, එය පිරිසුදු පක්ෂයක් බවට පත්ව ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

වමේ සියල පක්ෂ සන්ධානගත විය යුතු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කිරීමට සැලසුම් කරන බවත් මහ ලේකම්වරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *