ශ්‍රී ලංකාව ලෝකයට ණය දෙන රටක් කරනවා..! – වජිර…

July 26, 2023 at 6:08 pm | by emanisa.lk

පාර්ලිමේන්තුව වසා දමා ජනාධිපති රනිල් වික්‍රමසිංහට රට භාරදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමිනි.

මේ ආකාරයට පාර්ලිමේන්තුව වසා දැමුවහොත් එහි නඩත්තුවට මුදල ද ඉතිරි වන බවත් රනිල් වික්‍රමසිංහ රට ගොඩනඟන බවත් ඔහු එහි දී කියා සිටියේය.

එළැඹෙන සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව බංකොලොත් තත්ත්වයෙන් මිදෙනු ඇති බවත් ඉන් පසු ශ්‍රී ලංකාව ණය ගන්නා රටක් වෙනුවට ක්‍රමක්‍රමයෙන් ලෝකයට ණය දෙන රටක් බවට පත්වන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *