ශ්‍රී ලංකාවේ විදුලිය තමිල්නාඩුවට…! ගිවිසුම් අත්සන් කරන්න සූදානම්..!

February 18, 2023 at 11:25 am | by emanisa.lk

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඔවුන්ගේ විදුලිබල ජාල සම්බන්ධ කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ පවසයි.

ඊට අදාළව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා මාස දෙකක් ඇතුළත ආරම්භ කිරීමට කටයුතු කරන බවත් මහ කොමසාරිස්වරයා සඳහන් කරයි.

රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවක දී මහ කොමසාරිස්වරයා මේ බව පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධන සැලැස්මේ ප්‍රධාන කොටසක් රැඳී ඇත්තේ දිවයිනේ උතුරු පළාතේ පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධනය කිරීම මත වන අතර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දේශසීමා සම්ප්‍රේෂණ කේබලයක් හරහා දකුණු ඉන්දියාවට විදුලිය ප්‍රවාහනය කළ හැකියාව පවතින බව සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *