ශ්‍රීලනිප සංවත්සරයට ඇරයුම් චන්ද්‍රිකාට විතරයි..! මහින්දට නෑ…!

September 2, 2023 at 6:04 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සර උළෙලට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියට ආරාධනා කළ බව එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

කෙසේ වුව ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ආරාධනා නොකළ බවයි, ඔහු ප්‍රකාශ කළේ.

පක්ෂ සංවත්සරය වෙනුවෙන් ප්‍රසිද්ධ කෙරුණු පෝස්ටරය වසා දමමින් තවත් පක්ෂයක් පෝස්ටරයක් අලවා ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

පොහොට්ටු පක්ෂය දහයකට කැඩී ඇතැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා, ඒ තත්ත්වය පාර්ලිමේන්තුවේ දී ද දැක බලාගත හැකි බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *