ශ්‍රීලනිපය දෙපැත්තෙන්ම ආණ්ඩුවේ නැටි එල්ලලා.. ඊළඟ ඡන්දෙන් පක්ෂේ ඉවරයි…! – චන්දිම වීරක්කොඩි…

May 5, 2024 at 10:46 am | by emanisa.lk

එළඹෙන මැතිවරණය අවසන් වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම එක්සත් ජාතික පක්ෂයත් දේශපාලනිකව අවසන් ගමන් යනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපැත්තෙන්ම එල්ලලා තියෙන්නෙ ආණ්ඩුවේ වලිග දෙකක්. ආණ්ඩුවේ ඇමතිවරු දෙන්නෙක් මේ පක්ෂයේ දෙපැත්තෙ එල්ලලා.

එතකොට මේ ගිනිගන්න ආණ්ඩුවනෙ. මොන කොනෙන් පත්තු කළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිනිගන්නවා දෙපැත්තෙන්ම, නිවන්න පැත්තක් නෑ, දෙකොනම ගිනිගනී. එතකොට මේ මැතිවරණය ඉවර වෙද්දී අපේ ඒ ආදරණීය පක්ෂය ගිනිබත් වෙලා, අළු වෙලා, අවසන් වෙනවා.

හැබැයි ඒ පක්ෂයට විතරක් නෙවෙයි එක්සත් ජාතික පක්ෂයටත් ඒ උරුමයම රනිල් වික්‍රමසිංහ අරන් දෙනවායි කියන එක මතක තියාගන්න ඕනෙ. අද පොළවේ තියෙන පක්ෂය, ගොඩනැගෙන ජනතාවාදී පක්ෂයක් හැටියට තියෙන්නෙ සමගි ජන බලවේගයයි.”

චන්දිම වීරක්කොඩි මහතා මේ බව පැවසුවේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *