වෛද්‍යවරුන්ගේ DAT දීමනාව අත්හිටුවයි…! වෛද්‍යවරුන්ගෙන් අඛණ්ඩ වර්ජනයක්..!

January 23, 2024 at 2:26 pm | by emanisa.lk

වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (DAT) ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

එම දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු සකස් කර තිබුණ ද අනුමත ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය විසින් ලබාදීමට කටයුතු කර නොමැති නිසා මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (24) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ, මීට පෙර සඳහන් කළ පරිදි DAT දීමනාව ජනවාරි මාසයේ සිට ලබා දීමට රජය කටයුතු නොකිරීමට එරෙහිවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *