මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලබා බන්ධනාගාරගතව සිටින ගම්පල විදානගේ සමන් කුමාර නොහොත් වෙලේ සුදාට අයත් හග්ගල ප්රදේශයේ පිහිටි දෙමහල් නිවාඩු නිකේතනය පසුගිය 22 දා පොලිසිය වටලා තිබේ.
මෙම වෙලේ සුදාගේ බිරිඳගේ නමින් 2004 වසරේ සිට පවතින නමුත් මෙයට පෙර අනාවරණය නොවූ දේපළකි. 2015 වන විට කෝටි 18ක දේපළ ඔහු සතු බව හඳුනා ගෙන ඇති අතර ඒවාට නඩු පවරා ඇත්තේ වෙලේ සුදාගේ බිරිඳට සහ ඇගේ නැගණියටය.
මේ වන විට වෙලේ සුදාගේ බිරිඳ බන්ධනාගාර නිලධාරියෙකු සමග සබඳතාවක් පවත්වන හෙයින් ඒ පිළිබඳ වෛරයෙන් වෙලේ සුදා මෙම ඔත්තුව ලබා දී ඇතැයි සැක කෙරෙයි.
2010 වසරේ සිට මෙම නිවාඩු නිකේතනය සංචාරකයන්ට ලබා දී ඇති අතර පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල අය ද නිවාඩු ගත කිරීමට එහි පැමිණ ඇති බව බුද්ධි අංශ විමර්ශනවල දී හෙළි වී ඇත.