වෙන ම තරඟ කොට එක්ව ආණ්ඩු හදන්න TNA සූදානම්…!

January 11, 2023 at 7:33 pm | by emanisa.lk

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරනු ලබන සාමාජික පක්ෂ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී තනි තනිව තරඟ කිරීමට තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගේ නිවසේ දී පැවති එම සන්ධානයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදීය.

එහිදි දෙමළ ජාතික සන්ධානයේ සාමාජික පක්ෂ ඉදිරි පළාත් පාලන මැතිවරණයට තනි තනිව තරඟ කිරීමට තීරණය කර ඇති අතර එම පක්ෂවලට වෙනත් පක්ෂ සමඟ සන්ධානගතව හෝ තනිව තරඟ කිරීම පිළිබඳව ස්වාධීනව තීරණ ගැනීමට හැකියාව ලැබෙන බවට තීරණය කර තිබේ.

එහෙත් මැතිවරණය අවසන් වු පසුව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදි දෙමළ ජාතික සන්ධානය වශයෙන් බලය පිහිටුවීමට ද එම සන්ධානයේ පක්ෂවල නායකයන් එකඟතාව පළ කර ඇත.

ඉලංගෙයි තමිල් අරසු කචිචි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, ටෙලෝ පක්ෂයේ නායක සේලවම් අඩෙක්කලනාදන්, ප්ලොට් පක්ෂයේ නායක සිද්ධාර්තන් ධර්මලිංගම් හා ඒම්. ඒ සුමන්තිරන් ඊට සහභාගී වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *