ඛනිජ තෙල් වෘත්තීය සමිති යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීම්වලට විරෝධය පළ කර ඇතැයි බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
කෙසේ වුව ද එම වෘත්තීය සමිති මෙයට පෙර එම සැලසුම් පිළිබඳ දැනුම්වත් කර ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කරයි.
ඔවුන්ට විරෝධය පළ කිරීමට ඇති අයිතියට අභියෝග නොකරන බව පවසන ඇමැතිවරයා අවධාරණය කරන්නේ ඛනිජ තෙල් මෙන් ම විදුලිබල ක්ෂේත්‍රයට ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්ය බවය.
ඒ සඳහා වන කටයුතු අඛණ්ඩව සිදුවන බව ද අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හෙළි කරයි.
CPC Trade unions affiliated to all political party’s are to oppose the proposed reforms. Met all Unions, discussed proposed reforms & conveyed its importance.
Protest March against reforms to take place tomo.
CPC & CPC reforms are a must & will continue to work to implement it. pic.twitter.com/CKjBx9RWTo— Kanchana Wijesekera (@kanchana_wij) August 21, 2022