වෘත්තිකයින්ගේ වැටුපට බදු ගසමින් ක්‍රිකට් ක්‍රීඩකයින්ට බදු සහන ලබාදෙන්නේ කෙසේදැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දේශීය අදායම් දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කරයි.
අද (06) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, එලෙස බදු සහන ලබා දී ඇත්තේ පනතේ සංශෝධනයක් මඟින් නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එය ප්‍රකාශ කළ යුතුව ඇති බවයි.
බදු උපදේශකයින් පැවසුවේ කිසිවෙකුට හෝ බදු සංශෝධන ලබා නොදෙන බව වුවද මෙලෙස ඇතැම් පුද්ගල කණ්ඩායම් බදුවලින් නිදහස් වී තිබීම ප්‍රශ්න සහගත බව ද ඔහු අවධාරණය කළේය.