වී FM ජවිපෙ මහින්දගෙන් ගත් ඡන්ද අල්ලසක්..! පාඩු නිසා විකුණලා දැම්මා…! – වී FM ආරම්භක ප්‍රධානී…

November 29, 2022 at 9:22 am | by emanisa.lk

හිරුණිකා ජවිපෙන් ප්‍රශ්න කීපයක් අහලා වී එෆ්. එම්. ලෝගෝව පෙන්න පෙන්න උත්තර දෙන්න කියලා තර්ජනය කරනවා දැක්කා. ජේ.වී.පී. එකත් එක්ක හැප්පෙන්න නං එහෙම ප්‍රශ්න තෝරගන්න. මොකෝ මේ ප්‍රශ්න අහලා ජවිපෙට රිද්දන්න බෑ.

වී එෆ්.එම්. කියන්නෙ 2005 ජනාධිපතිවරණයේදී කළ උදව්වලට හිලව් වෙන්න මහින්ද රාජපක්ෂ (ඔයා පොඩි කාලෙ සෙල්ලම් කරපු චිචීලගෙ තාත්තා) දුන්න දොළ පිදේනි සංඛ්‍යාත.

ඒ සංඛ්‍යාතවලින් ගුවන්විදුලියක් පටන් ගන්න විශාල මුදලක් වැය වුණා. පක්ෂ අරමුදලෙන් ආරම්භ කරලා කෙටි කාලයකින් එම ගුවන්විදුලි නාලිකාව ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන්න බැරි වුණාම ඒ සංඛ්‍යාත එක්කම සියලු වත්කම් විකිණුවා. නැතිව ව්‍යාපාරයක් බංකොලොත් වුණාම අදාළ දේපොළ පිනට දෙන්නයෑ.

ඒක ගත්තෙ කවුද, දැන් අයිති කාටද කියන එකේ කිසිම වැදගත්කමක් නෑ. ඒ හුදු බිස්නස් එකක්.
මං මේ ජේවීපී එක වෙනුවෙන් උත්තර දෙනවා නොවෙයි. මං දන්න ඇත්ත කියන්න හිතුවා. ඒක කියන්න මට අයිතියක් තියෙනවා.

මොකද මං තමයි වී එෆ්.එම්. ආරම්භක පාලක. මං තමයි එම ගුවන්විදුලි නාලිකාව ආරම්භ කරන්න ගොඩනැගිල්ල හොයාගෙන ස්ටුඩියෝ හදාගෙන, ශිල්පීන් බඳවගෙන, ඔයා පෙන්නපු ලෝගෝ එකත් ඩිසයින් කරවගෙන, වී කියන නමත් යෝජනා කරගෙන (නම නිර්මාණය කිරීමේ අයිතිය වසන්ත දුග්ගන්නාරාල) විකාශනය ආරම්භ කළේ.

හිරුණිකා …මඩගහන්න ඕනෙ නං හරි තැනකින් අල්ලගන්න. නිකං ගොං වෙන්නෙපා ..

මීට වී එෆ්.එම්. ආරම්භක ප්‍රධානී
හෙන්රි වර්ණකුලසූරිය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස